|
[ නැවත වතාවක් ඉහළට]
සාර්ථක ව්‍යවසායකුගේ ලක්ෂණ
| සහතිකය |
කොලෙට් පෝල්
STM මාධ්‍ය සංස්ථාව. වෙළඳ සඟරා ප්‍රකාශක |
| " ඔබ අරඹන කුමන ආකාරයේ ව්‍යාපාරයකට වුවද මුල්‍ය දායකත්වය ලබාදිය හැකි වීම." |
|
|
|
ධෛර්යය: මෙයින් අදහස් වන්නේ ඔබට ව්‍යවසායකත්වය පිළිබඳ සහජ බුද්ධියක් තිබිය යුතුය යන්නයි, එය ඔබේම ව්‍යාපාරයක් අවශ්‍ය යැයි යන දැඩි හැඟීමයි. ඔබගේ ඉලක්ක වෙනුවෙන් සම්පූර්ණයෙන් ළැදි වීමට නම් ඔබට ධෛර්යය සහ කැපවීම තිබිය යුතුය. ඔබ අපේක්ෂිත ව්‍යාපාරයට ආදරය කරන්නේ නම් අරමුණ වෙනුවෙන් කැපවීම බොහෝවිට සිදුවේ. ඔබට සෑහීමකට පත්විය නොහැකි සහ සතුට ලබා නොදෙන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ජීවිතය කෙටි වැඩිය. එමෙන්ම හොඳ සහ නරක කාලයන් දෙකෙහිදී ම, ඔබ කැමති යම් දෙයක් වෙත ඔබ බැඳී සිටිනු ඇත.
මොළය: නියමිත අධ්‍යාපන සහතික පත්‍ර වැදගත් වන අතර, ව්‍යවසායක " මොළය " අධ්‍යාපනික ජයග්‍රහණයන්ට වඩා වැඩි දෙයකි. සාර්ථක ව්‍යවසායකයෙක් වීමට නම්, ඔබ ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාර සැලැස්ම පිළිබඳව කටයුතු කිරීම සම්බන්ධව ඔබට දැනුම තිබිය යුතුය ඒ එය ආරම්භ කිරීමට පෙර . අදාළ පළපුරුද්ද සමඟ එක්වුණු සාමාන්‍ය දැනුම, අවශ්‍ය කරන බුද්ධියයි. නුවණක්කාර බව, පසු විපරම සහ විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ.
ප්‍රාග්ධනය: ඔබට පළමු වසර සඳහාවත් ධනාත්මක මුදල් ගලනයක් පවත්වා ගැනීම සදහා ප්‍රමාණවත් ආරම්භක මුදල් ප්‍රමාණයක් තිබිය යුතුය. අනාගත සැසියකදී මුදල් ගලන පාලනයක් තුළින් අනාගත මුදල් අවශ්‍යතා පිළිබද අනාවැකි පළකිරීමට ඔබ ඉගෙන ගනු ඇත. බොහෝ ව්‍යාපාරයන් කුඩා පරිමාණයෙන් හා සුළු ආයෝජනයකින් ආරම්භ කළ හැකිය. ඉන්පසු, ව්‍යාපාරය වර්ධනය වනවිට සහ ඔබ අත්දැකීම් ලබාගන්නා විට, ඔබගේ ව්‍යාපාරයේ මුදල් ගලනය ව්‍යාපාර වර්ධනය සදහා යොදාගත හැකිය. සමහර සිද්ධීන්හිදී ඔබ සියළුම කටයුතු තනිවම කරගනු ඇති නිසා අනෙක් පුද්ගලයින් කුලියට ගැනීමට අවශ්‍ය නොවන බැවින් ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ. ඔබම " තනිවම කරගැනීම " ඔබගේ ව්‍යාපාරයේ සියළු දේ පිළිබඳව ඉගෙන ගැනීමටත් පසු කලකදී අනෙකුත් පුද්ගලයින්ට වැඩ පැවරිම සදහා වඩා සුදුස්සෙකු බවට පත්කිරීමටත් හොඳ ක්‍රමයකි. ඔබ කොපමණ ආයෝජනය කරන්නේද යන්න මත සීමාවන් පැමිණවීමෙන් ඔබගේ අවදානම පාලනය කළ හැකිය.
|
[ නැවතත් ඉහළට]
පියවරින්-පියවර පිවිසීම
| සහතිකය |
ඉලේන් මිචෙල්
විශේෂඥ පශු වෛද්‍ය |
| " එකම දර්ශනවාදය ඛෙදාහදා ගන්නා හොඳ කාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීම ඉතාමත් වැදගත් වී ඇත." |
|
|
|
ඔබට ව්‍යාපාරයේ නියැලීමට ඇත්ත වශයෙන්ම අවශ්‍ය දැයි තීරණය කරන්න:
ඔබ ඔබගේ ශුද්ධ වටිනාකම් වලින් යම් ප්‍රමාණයක් (බොහෝ විට, සියළුම දේ නොවේ) අවදානමට ලක්කොට තිබිය හැකිය. ඔබ ඔබගේ ජීවිතය විකේන්ද්‍රික, එනම් වැඩ කිරීමේ කාලය විසින් ඔබව ඔබේ පවුලෙන් සහ සතුට දනවන ක්‍රියාකාරකම් වලින් ඉවත් කරවන සමබර නැති ජීවිතයක් ගතකිරීමේ අවදානමක් ඇත. සේවකයෙක් ලෙස ඔබ අත්විඳ නැති පීඩන මට්ටම් තිබිය හැකිය.
ව්‍යාපාරය කුමක්ද සහ කොහේද යන්න තීරණය කරන්න:
ඔබ සතුව සාර්ථක ව්‍යවසායෙකුගේ ලක්ෂණ, සහ නියත වශයෙන්ම ඔබට ව්‍යාපාරයේ නියැලීමට අවශ්‍ය බව, තීරණය කිරීමෙන් පසු, කුමන ව්‍යාපාරය ඔබට වඩා ගැලපේද සහ එය කොතැන පිහිටවිය යුතුද යන්න තීරණය කළ යුතුය. තෝරාගැනීමේ උපක්‍රම මෙම සැසියේදී පසුව ආවරණය කරනු ඇත.
පූර්ණකාලීනවද, ප්‍රධාන රැකියාවට අමතරව, දෙවැනි රැකියාවක් වශයෙන් පමණක් ආරම්භ කරන ව්‍යාපාරයක් දැයි තීරණය කරන්න:
රැකියාවක් කරන අතරතුරදී ව්‍යාපාරයක් ඇරඹීමේ වාසි මෙන්ම අන්තරායන්ද ඇත. (එනම්, ඔබගේ වර්තමාන රැකියාවේ නිරත අතරතුර, ඔබගේ විවේක කාලයේදී ආරම්භ කරනු ලබන ව්‍යාපාරයක්.) බොහෝ අවස්ථා වලදී රැකියා දෙකක් කරන්නෙකු ලෙස ඇරඹීම එහි ඇති අන්තරාය අවම කරයි:
- විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සහ අනෙකුත් වාසි, නිවාඩු ඇතුලූව ඉපැයීමේ මාර්ග නැති කරගැනීම ඔබ මඟහරවා ගනී.
- ඔබගේ රැකියාව සහ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම එකිනෙක වෙනස් දෙකක් ලෙස පවත්වාගෙන යාම වැනි යම් යම් පිළිබැඳියා ගැටුම් ශික්ෂාවන් අනුගමනය කිරීමෙන් ඔබගේ පූර්ණකාලීන රැකියාවට ගැටළු ඇතිවීම මඟහරවා ගත හැකිය..
- මෙහි දැක්වෙන, රැකියා දෙකක් කරන්නෙකු සඳහා ගැලපෙන ව්‍යාපාරයක් තෝරා ගැනීමෙන් ඔබට පිළිබැඳියා ගැටුම් මඟහරවා ගත හැකිය, ඒවා නම්: තනි නිෂ්පාදන, නිශ්චල දේපළ, විශේෂිත ආහාර, ඊ-කොමර්ස්, සෘජු අලෙවිකරණය හෝ පවුලේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම.
- පවුලේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙහි බොහෝ වාසි ඇත. ඔබ රැකියාවෙහි නිරත වන අතරතුර පවුලේ අයට ව්‍යාපාරය පවත්වාගෙන යා හැකිය. එකට යාව තැනුනු සංවිධාන ව්‍යුහයක් ඔබට ඇත. ව්‍යාපාරයක නියැලීමේ වාසි පිළිබඳව ඔබට ඔබේ දරුවන්ට කියා දිය හැකිය.
නමුත් රැකියා දෙකක් කිරීම ආරම්භ කිරීමේදී සලකා බැලිය යුතු යම් අන්තරායන්ද ඇත:
- ඔබ රැකියාව කරන අතරතුර ඔබගේ ව්‍යාපාර කටයුතුවල නියැලීමට පෙළඹවීමක් තිබීමට පුළුවන. මෙය ඔබගේ සේවායෝජකයාට කරන අසාධාරණයක් වන අතර කිසිදු අවස්ථාවක නොකළ යුතුය. ( ඔබ රැකියාවෙහි නිරතවන අතරතුර ඇතිවන හදිසි අවස්ථා ආවරණය කිරීමට පවුලේ සාමාජිකයෙකු හෝ විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකු ඔබට අවශ්‍ය වනු ඇත.)
- අනෙක් ගැටළුව විය හැක්කේ කිරීමට නුසුදුසු දෙයක් වන, සේවායෝජකයා සමඟ තරඟ කිරීමය. ඔබ ආයතන ප්‍රධානියා නම් මෙවැනි සේවකයෙකු පිළිබඳව ඔබ සිතෙන්නේ හෝ ඔහු සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ කෙලෙස දැයි සිතන්න.
- ඔබගේ සාමාන්‍ය රැකියාව සමඟ වන ඕනෑම ආකාරයක ගැටුමක් ඔබගේ රැකියාවත්. රැකියාව සමඟ කරනු ලබන ව්‍යාපාරයත් දෙකම අනතුරෙහි හෙලීමට හැකිය.
- රැකියාවත් සමඟ ව්‍යාපාරයක් කරන්නෙකුට අධික වැඩ සහ මානසික සහ කායික වෙහෙස තාත්ත්වික ගැටළුවක් බවට පත්වීමට ඉඩ ඇත.
[නැවතත් ඉහළට]
තෝරාගැනීමේ උපායමාර්ග
| සහතිකය |
මිලර්ඩ් මැක්ඇඩම්
ක්‍රියාකාරී නායකත්වය |
| "කියමනකට අනුව, සැලසුම් කිරීමට නොහැකිවීම යනු අසාර්ථක වීමට සැලසුම් කිරීමය." |
|
|
|
වැරදි ව්‍යාපාරය තෝරාගැනීම ආරම්භක ව්‍යවසායකයින් නිරන්තරයෙන්ම සිදුකරනු ලබන වරදකි. ඔබට සාර්ථක ව්‍යාපාරයක් තෝරාගැනීම සඳහා ලේඛනයක් මෙන්න:
- ඔබට ගැලපෙන ව්‍යාපාරය සඳහා කාලය ගෙන, බලා සිටින්න. ඔබ අවස්ථාවන් මඟහැරීම සම්බන්ධයෙන් දඩුවම් නොවිඳිනු ඇත. තෝරාගැනීම් කිරීමට බොහොමයක් සැලසුම් කිරීම් සහ ඔබගේ පළපුරුද්ද අවශ්‍ය වනු ඇති අතර පූර්ණ දැනුම සාර්ථකත්වයට ඉතා වැදගත් වේ.
- දැඩ් අභියෝගයන් ගෙන් යුතු ව්‍යාපාර තෝරා නොගන්න. එක් අඩියක් උස කඩුල්ලක් හඳුනාගැනීම අඩි හතක් උසකින් පැනීමට උත්සාහ කිරීමට වඩා හොඳය.
- දීර්ඝකාලීන ආර්ථීක වාසි ලබාදෙන ව්‍යාපාරයක් හඳුනාගැනීමට උත්සාහ කරන්න. වේන් ග්‍රෙට්ස්කිගේ උපදෙස් අනුගමනය කරන්න " හිම හොකී බෝලය තිඛෙන තැනට නොව එය යන අතට යන්න."
- නොකර හැරීමේ වරද විශාල අඩුපාඩුවක් විය හැකිය. මෙයින් අදහස් වන්නේ ඔබ ඉදිරියෙහි ඇති අවස්ථාවක් දැකීමට ඔබ අසමත් වනු ඇති බවය.
- වර්තමාන සහ අනාගත වෙළඳපළ තුළ වර්ධනය වන ව්‍යාපාරයක් වෙත අවධානය යොමු කරන්න. පාරිභෝගිකයින්ට අඩු මිලට තෝරාගැනීම් බොහොමයක් ලබාදෙන වෝල්-මාට් සහ හෝම් ඩිපොට් වැනි විශාල වෙළඳසැල් හේතුවෙන් කුඩා සිල්ලර වෙළඳසැල් තව දුරටත් ව්‍යාපාරයේ රැඳී නොසිටියී.
- බර්ක්ෂයර්-හැතවේ සංස්ථාවෙහි සභාපතිවරයා සහ ඇමෙරිකානු ඉතිහාසයෙහි සාර්ථකම ව්‍යාපාර තෝරා ගන්නා වන, වොරන් බෆට්ගේ උපදෙස් පිළිපදින්න: බෆට් මහතා තම අවධානය යොමු කරන්නේ" පාරිභෝගික ඒකාධිකාරියක් සහිත" මිල තීරණය කිරීමේ බලය සහ දිගුකාලීනව අනාවැකි පල කළ හැකි වර්ධනයක් සහිත ව්‍යාපාරයන් වෙතය. උදාහරණ වන්නේ: සීස් කැන්ඩීස්, කොකා කෝලා සහ ජිලටි රේසර් ය. ඔබට මෙම දර්ශනය සුළුවෙන් අනුකරණය කළ හැකිද?
- ඔබ සම්බන්ධ නොවිය යුතු මඟ හරවා ගත යුතු ව්‍යාපාර නම්" භාණ්ඩ වෙළඳාම්" ව්‍යාපාරයි. මේවායේදී ඔබ තරඟ කරන්නේ සම්පූර්ණයෙන්ම මිල මත වන අතර ඔබට එහි රැඳී සිටීමට නම් ඔබට අඩුම පිරිවැය තිබිය යුතුය. බෆට් මහතා පවසන පරිදි, " භාණ්ඩ වෙළඳාම් වැනි ව්‍යාපාරයකදී, ඔබ හොඳ වන්නේ ඔබගේ මෝඩම ප්‍රතිවාදියාගේ තරමට පමණි."
- සේවා සපයන ව්‍යාපාර බොහොමයකට මිල නියම කිරීමේ හැකියාව ඇත.
- ඔබ දන්නා ව්‍යාපාරයක් මත පරදු තැබීමේ හැකියාව තිබියදී ඔබ නොදන්නා ව්‍යාපාරයක් පිළිබඳව පරදු තැබිය යුතුද?
- ඔබ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අදහස් කරන්නේ නම්, අඩු මිලට සැපයිය හැකි සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුමට එළඹීමේ වාසි සහ අවාසි සලකා බලන්න. වෙනත් වචන වලින් පවසන්නේ නම් " "හොලෝ" සංස්ථාවක් අරඹන්න." මේ " "හොලෝ" සංස්ථාව යනු" නිෂ්පාදනය සහ ඇසුරුම් කිරීම උපකොන්ත්‍රාත් ලබාදෙන සමාගමකි.
[ නැවතත් ඉහළට]
විමසිලිමත් විය යුතු කරුණු:
| සහතිකය |
සොෆියා ගාසියා
A-Z වීදුරු සමාගම |
| " මෙම ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටීමට වැඩ ලබාගැනීමට ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබ කරනු ඇත." |
|
|
|
- නොඉවසිලිමත්බව
- ඔබගේ ව්‍යාපාරය පරෙස්සමෙන් තෝරාගැනීම විශ්ලේෂණය කෙටි කිරීමට ඔබගේ අධික විශ්වාසයට ඉඩ නොදෙන්න. ඔබ සෘණාත්මක පැතිකඩ පිළිබඳව ඇසීමට බිය නොවිය යුතුය; ඒවා පිළිබඳ දැන සිටීමත් ඒවාට කලින් මුහුණ දීමත් වඩා හොඳය.
- යථාර්ථවාදී වන්න. ඉහළ පරිතෝෂයන්ගෙන් මුලාවට පත් නොවන්න. ඔබ නිවැරදි ව්‍යාපාරය තෝරා ගතහොත් සහ ඔබ එකී ව්‍යාපාරයේ දොරගුළු විවර කිරීමට ප්‍රථම ව්‍යාපාරයේ සියළු පැතිකඩ අවබෝධ කරගතහොත් ඒවා ඔබ වෙත පැමිණෙනු ඇත.
|
[ නැවතත් ඉහළට]
අවශ්‍ය ක්‍රියාකාරකම්
නැවත වතාවක් මතක් කිරීම වටී: ආරම්භ කිරීම සඳහා නිවැරදි ව්‍යාපාරය තෝරා නොගැනීම බොහෝ දෙනෙකු කරනු ලබන පොදු සහ වියදම් අධික ම වරදකි. මෙය ඔබගේ ආත්මය ගැන විමසිලිමත් විය යුතු අවස්ථාවයි.
ඔබ ව්‍යාපාරයක් පිළිබඳ තීරණය කර නොමැති නම් මෙය කරන්න:
හිස් කඩදාසියක මුදුනෙහි, ඔබ කිරීමට කැමති ක්‍රියාකාරකමක් ලියන්න (මෙය මාතෘකාව සේ සලකන්න). ඔබ සතු එක් එක් ක්‍රියාකාරකමක් සහ ඔබ කිරීමට කැමති දෙයක් සඳහා වෙනම පිටුවක් ගන්න.
එම පිටු වල ම, ක්‍රියාකාරකම හා සම්බන්ධ, ඔබට සිතිය හැකි ව්‍යාපාර හැකි තරමක් ලැයිස්තුගත කරන්න .
එම පිටුවලම එම ක්‍රියාකාරකමට සම්බන්ධ ඔබට සිතිය හැකි තරම් භාණ්ඩ හෝ සේවා ලැයිස්තුගත කරන්න. ඔබගේ පරිකල්පනය ප්‍රයෝජනයට ගෙන ඔබට කළ හැකි සෑම නිෂ්පාදනයක් හා සේවාවක් පිළිබඳව සිතන්න.
නරක කාලයන්හිදී හොඳින් කළ හැකි ව්‍යාපාර පිළිබඳ ලැයිස්තුවක් සකස් කරන්න (මේවායින් එකක් ඔබට ගැලපීමට ඉඩ ඇත). උදාහරණ සමහරක් විය හැක්කේ උකස් සාප්පු, වාහන අළුත්වැඩියා සහ රෙදි සාප්පු ය.
උදාහරණය
ඔබට අවසාන වශයෙන් නියැලිය හැකි ව්‍යාපාර තුනක් ඉතිරි වූවා යැයි සිතන්න: වාහන ඇදගෙන යාමේ සේවාවක්, පාවිච්චි කරන ලද කාර් අලෙවිකිරීම සහ වාහන අළුත්වැඩියා කිරීම. ඔබට දැන් පහත පිරික්සුම් ලැයිස්තුව උපයෝගී කරගෙන 1-10 දක්වා ලකුණු ලබාදෙමින් සංසන්දනාත්මක ඇගයුමක් සිදුකළ හැකිය (නැතහොත් වඩාත් හොඳ ඔබගේ ම පිරික්සුම් ලැයිස්තුවක් භාවිතා කිරීමයි):
| අරමුණ |
වාහන ඇද ගෙන යාමේ
සේවාව |
පාවිච්චි කරන ලද කාර්
විකිණීම |
වාහන
අළුත්වැඩියා කිරීම |
|
| මා කැමති දෙයක් මට කිරීමට හැකිද? |
6 |
3 |
10 |
| මා පුළුල් අවශ්‍යතාවයක් ඉටුකරනු ඇතිද? |
8 |
5 |
10 |
| මට විශේෂඥතාවක් ලබා හැකිද? |
7 |
8 |
10 |
| මට එය ඉගෙන ගෙන මුලින්ම පරීක්ෂාවට ලක් කළ හැකිද? |
9 |
8 |
9 |
මෙවැනි ආකාරයේ විශ්ලේෂණයක් මගින් ඔබගේ ව්‍යාපාරය තෝරා ගැනීමේදී වාස්තවිකතාවයක් ලබාගැනීමට උපකාරී වනු ඇත.
ඔබගේ සිතෙහි ඇති විශේෂ ව්‍යාපාරයක් ඇගයුමට ලක් කරන ආකාරය.
ඔබගේ සිතිවිලි පැහැදිලි කරගැනීම සඳහා ප්‍රශ්න කිහිපයක් මෙහි දැක්වේ:
- එය, කිරීමෙන්, මට සතුටක් ලබා දෙන දෙයක්ද?
මාගේ ප්‍රියතම ක්‍රියාකාරකම් වන්නේ: __________________________
මා මිනිසුන්ට සේවය කිරීමට කැමැත්තක් දක්වන්නේ මෙලෙසින් ය: ________________________________
- සමීප ආදේශකයක් නොමැති පුළුල් අවශ්‍යතාවක් එයින් සපිරෙනු ඇත්ද?
- සමීප ආදේශකයක් නොමැති බවට පාරිභෝගිකයින් සිතනු ඇති විශේෂිත, ඉලක්ක කරන ලද අවශ්‍යතාවක් සම්බන්ධයෙන් මට හොඳින් කටයුතු කළ හැකිද?
- මට ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගත හැකිද?
- පළමුවෙන්, වෙනත් කෙනෙකු ළඟ වැඩකිරීමෙන් මට ව්‍යාපාරය පිළිබඳව ඉගෙන ගත හැකිද?
- මට මෙම ව්‍යාපාරය බාහිරට උපකොන්ත්‍රාත් ලබාදීමෙන්, කර්මාන්ත ශාලාවක් නොමැතිව අවම සේවකයන් සංඛ්‍යාවකින් පවත්වාගෙන යා හැකිද? (" හොලෝ සංස්ථාවක් යනු "බාහිර පාර්ශවයන්ට ලබා දී " සෑම දෙයක්ම,"එනම් නිෂ්පාදනය සහ ඇසුරුම බාහිර මූලයන් වෙත උප-කොන්ත්‍රාත් ලෙස ලබා දීමෙන් කර ගෙන යනු ලබන ව්‍යාපාරයකි. )
- මා හට පළමුව පරීක්ෂා කර බැලිය හැකි මෙය භාණ්ඩයක් හෝ සේවාවක්ද?
- මා හවුල් කරුවෙකු ලෙස සලකා බැලිය යුත්තේ මාගේ කුසලතාවන්ගේ අඩුව පුරවන කෙනෙක්ද නැතහොත් ව්‍යාපාරයට මූල්‍ය පහසුකම් සලසනු ඇති පුද්ගලයෙක්ද?
ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාරය තීරණය කිරීමෙන් අනතුරුව මෙය කරන්න:
ව්‍යාපාරයේ ලක්ෂණ පිළිබඳව " පක්ෂ" සහ "විපක්ෂ" ලැයිස්තුවක් සාදන්න. හිස් කඩදාසියක, හරි මැද වන තෙක් සිරස් ඉරක් අඳින්න. එක් පසෙක විපක්ෂ කරුණූත් " අනෙක් පසෙහි පක්ෂ කරුණූත් " ලැයිස්තුගත කරන්න." සමහර විටෙක මෙය ඔබට ඔබගේ සිතුවිලි පැහැදිලි කරගැනීමට උපකාර වනු ඇත.
ඔබ තෝරාගත් ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ සාර්ථක ව්‍යාපාර පහක වත් නම් ලියන්න. මෙම ව්‍යාපාර පහටම පොදු දේවල් මොනවා දැයි විශ්ලේෂණය කරන්න. ඔවුන් සාර්ථකත්වයට පත්වීමට හේතුවූ කරුණු ලැයිස්තුවක් සකසන්න.
ඔබ අරමුණු කොට ඇති ව්‍යාපාරයේ කිහිපදෙනෙකු සමඟ කතා කරන්න. ඔබ අරමුණු කොට ඇති ව්‍යාපාරයේ සෘණාත්මක පැතිකඩ පිළිබඳ බිය නොවන්න. ඒ වෙනුවට අන්තරායන් මොනවාදැයි සොයන්න: ඒවා පිළිබඳ දැන් දැනගැනීම ඔබ ව්‍යාපාරයේ දොරගුළු හැරියාට පසු දැනගැනීමට වඩා හොඳය. හැකිනම් සටහන් තබාගන්න. තොරතුරු ඔබට හැකි සැනෙකින් ලියා තබන්න.
හොඳින් ව්‍යාපාරය නොකර ගෙන යන ඔබගේ තරඟකරුවන් විශ්ලේෂණය කර ඊට හේතු ලියා තබන්න.
පූර්ණ සුදුසුකම් ලබා ගන්න
ආරම්හ කිරීමට ප්‍රථම පූර්ණ සුදුසුකම් ලබා ගන්න:
- සම්පූර්ණ සුදුසුකම් ලැබීමට හොඳම ක්‍රමය වන්නේ එම ව්‍යාපාරයේම යෙදෙන කෙනෙකු ළඟ වැඩකිරීමය.
- ඔබට අවශ්‍ය විෂය සම්බන්ධ සෑම පන්තියකටම සහභාගී වන්න. උදාහරණයක් ලෙස: ගිණුම්කරණය, පරිගණක සහ විකුණුම්.
- කෙසේ කළ යුතුද යන්න "ලබා ගත හැකි සියලූම"පොත් කියවන්න.
- ඔබ අරමුණු කොට ඇති ව්‍යාපාරයේ සාර්ථකත්වයට පත් වූවන් ගෙන් ප්‍රශ්න ඇසීමට හෝ උදව් ඉල්ලීමට බිය නොවන්න.
[ නැවතත් ඉහළට]
තීරණයක් ගැනීමට කාලය:
ඔබට මුදල් ඉපයිය හැකි සහ ඔබ සතුටට පත් කරවන ඔබට විකිණිය හැකි දේ හෝ ඉටු කළ හැකි සේවාව කුමක්ද?
මෙම සැසිය සම්පූරණ කිරීමට ඔබ ව්‍යාපාරයක් පිළිබඳ තීරණය කර තිබීම හෝ අඩුතරමින් ඔබට වඩාත්ම හොඳින් කළ හැකි යැයි සිතන ව්‍යාපාරයක් තෝරා ගෙන තිබිය යුතුය. මීළඟ සැසි එකොළහෙන් උපරිමය ලබාගැනීමට නම් ඔබගේ මනසෙහි නිශ්ත සැලැස්මක් තිබිය යුතුය. දෙවන සැසිය මගින් ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්නේ කෙසේද යන්න ඔබට පෙන්වා දෙනු ඇත.
[ නැවතත් ඉහළට]
සැසිවාරය 1 ප්‍රශ්න මාලාව: ව්‍යාපාරයක් පිළිබඳව තීරණයක් ගන්න
සැසිවාරය 2 වෙත යන්න: ව්‍යාපාර සැලැස්ම
|